by ව්හංග
ජනාධිපතිවරණය අවසන් වු පසු දේශය දිනු කලාකරුවෝ විශේෂ සංගිත සාජ්ජයක් සංවිධානය කරලා තිබෙන බවට පෝස්ටර් අලවා තිබෙනු මම කොලඹ දි දැක්කා. ප්ලේටෝ ගේ ද රිපබ්ලික් පොතේ ප්ලේටෝ කියලා තියෙන දෙයක් ඔලුවට ආවා ඒ මොහොතේ. මේක කලින් පවා ඔලුවට ඇවිත් තිබුනා බොහෝ වරක්. ප්ලේටෝ කියනවා කලාකරුවා කියන පුද්ගලයා ව ජනරජයෙන් පිටුවහල් කල යුතුයි කියලා. මෙතන ප්ලේටෝ ගේ ඔලුවේ තියෙන්නෙ ඇත්තටම නට්‍යකරුවා යැයි කියාගන්න පිරිසයි. අනුකරණයේ යෙදෙන, අනුකරණයේ යෙදෙන්න අනුබලයක් දෙන, එමගින් නැති දෙයක් මවා පාන නට්‍යකරුවා/කලාකරුවාගෙන් ජනරජයට ඇති ඵලය කුමක්ද? ඇත්තටම ප්ලේටෝගේ මේ තර්කය හරිම සිත් ගන්නා සුලුයි. මට ද රිපබ්ලික් පොතෙන් කොටසක් ඉස්සෙල්ලාම කලේ පේරාදෙණියේ නිහාල් ෆර්නැන්ඩු අචර්‍යතුමායි. අචර්‍යතුමා ඕක ඉස්සෙල්ලාම කියවන කොටත් මට හිතුනේ, අපට ඇත්තටම විටිසිසම් එකක් වගේ බැලු බැල්මට පේන ප්ලේටෝගේ තර්කයේ යට පැත්තේ කොච්චර දෙයක් තියෙනවාද කියන එකයි. හැබයි ද රිපබ්ලික් ලියන ප්ලේටෝ ඇත්තටම ජනරජවාදියෙක් ද, නැත්නම් රජ්‍යයට කඩේ වගේ ගිය රාජ්‍යවාදියෙක් ද කියන ප්‍රශ්නය අපිට මතු වෙන්නැතුව ද නෙවේ.
ඇත්තටම කවුද මේ ප්ලේටෝ? ප්ලේටෝ නාට්‍යකරුවෙක් නෙවෙයි. නාට්‍යයක තාර්කික හරය – එනම් නාට්‍යයක හෝ කලාවේ ඇති යථාර්තයන් – එම කතිකාවෙන් බැහරව සිටිමින් අර්ථනිරෑපණය කලෙක් ද ප්ලේටෝ? අද අපිට ඉතුරුව තියෙන සම්භාව්‍ය ග්‍රික නට්‍ය – එනම් ඇතන්ස් අධ්රාජ්‍යයේ නැගීම සහ පෙලපොනිසියානු යුද්ධය අතර කාලයේ බිහිවුනු නාට්‍ය – අතරින් අපට පෙනී යන්නේ ඇතන්ස් නාට්‍ය උළෙලයන් රාජ්‍යය විසින් සම්පාදනය වුවත් බොහෝ අවස්ථාවලදි රාජ්‍යය විවේචනයට යොදාගත් වේදිකවක් වු බවයි. විශේෂයෙන්ම මෙම කාල පරාසයට අයිතිවන අරිස්ටොෆනිස් වැනි කොමඩි නාට්‍යකරුවන් සහ යුරිපිඩිස් වැනි රැඩිකල් උදවිය අවස්ථා ගනණාවකදි රාජ්‍යවාදයට පිටින් යමින් තම මතවාදය සමාජගත කරවු බව පෙනේ. ඇත්තෙන්ම, යුරිපිඩිස් කියන්නේ ග්‍රික නාට්‍යකලවේ – සමකාලීනව – වඩාත්ම අවතක්සේරුවට ලක්වූ කලාකරුවා විය හැක: අශෝක හදගම වගේ. එක පැත්තකින් බැලුවොත්, යුරිපිඩිස්ගේ කලාව ග්‍රික සම්භාව්‍ය යුගයට සපේක්ශව ගොඩාක් ඉදිරියෙන් තිබුනා කියලා මම හිතනවා. ඒ කිව්වේ, සමාජයේ රසාස්වාදන ප්‍රවාහයට එහා ගිය නිර්මාණාත්මක වින්‍යානයක් යුරිපිඩිස් ට තිබුනු බවයි. අනෙක් අතින්, යුරිපිඩිස් අවශ්‍යයෙන්ම රාජ්‍යය, බලය, ව්‍යවස්ථාව ආදි විශ්වයක “සමජගත කෙරෙන සාධක” වලට ප්‍රතිචාර දක්වමින් නිර්මාණකරනයේ යෙදුනු කෙනෙක්. මේ දෙ-අර්ථයෙන්ම යුරිපිඩිස් කැපුනා වෙන්න පුලුවන්.
ඉතින්, සම්භාව්‍ය ඇතන්ස් යුගයේ යුරිපිඩිස් ලා සහ අරිස්ටොෆනිස් ලා ගෙන් සුසුමුදු ජනරජය ඩි-ස්ටැබිලයිස් විම – අස්තාවර විම කියමු – වැලැක්වීමට කලාකරුවා කැරලිකරුවෙක් සේ සලකා බොටු බඩවැල් පිටින්ම ඇතන්සියෙන් එලියට දැමිම නිර්දේශ කෙරෙයි. ජනරජය දිනූ ප්ලේටෝගේ අවවාදය එයයි. ප්ලේටෝගේ මෙම තර්කය ඇත්තටම ඔහුගේ හෘදයාන්ගම අදහස ද නැත්නම් ජනරජ සංකල්පය උපහාසයට සහ අවතක්සේරුවට ලක්කරන ලියවිල්ලක් ද යන්න අපි නොදනිමු. ශ්‍රි ලංකවේ දේශය දිනූ කලාකරුවන් සහ ප්ලේටෝ පිටුවහල් කල යුතුයි යැයි කිව් කලාකරුවන් අතර වෙනස, මුලින් කී කලාකරුවන් රජ්‍යයේ කිහිලිකරුවක් විමට තම කලාකරු නාමය යොදා ගැනිමයි. ප්ලේටෝගේ අර්ථ දැක්විමට අනුව අනුකරනයේ යෙදෙන, නැති දෙයක් මවා පාන, මෙම පිරිස රාජ්‍යයේ පැවත්ම පිණිස වේදිකාගත වෙමින් සිතිති / සිටියහ. ප්‍රතිපත්ති වලට සපේකෂව රංගනය සහ වාග් මුෂ්ට්ය මත ස්ව-ජන්දයේ වැටෙන පැත්ත තිරණය වන ශ්‍රිලාංකික දේශපාලන සාක්ෂරතාවයට පායපු තරු මඩුල්ලකි මේ පුංචි, රිදී, වේදිකා සහ කැමරා පිටුපස සිටි කට්ටිය. සෝමරත්න දිසානායක, ජැක්සන් අන්තෝනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිතා කුමාරසිංහ ගේ ඉදන් ජයසේකර අපෝන්සු සහ වසන්ති චතුරානි දක්වා මැතිවරණ වේදිකාවේ රංග පෙලහැර පෑවෝ දිග පෝලිමකි. මෙහෙමයි – විකල්ප බලවේග වෙනුවෙනුත් ජන්ද වේදිකාවට නැග්ග අය ඉන්නවා: ඩබ්ලියු ජයසිරි, උපේක්ශා ස්වර්ණමාලි වගේ අය. නමුත්, මෙතන දී යුරිපිඩිස් ලා උනේ මේ දෙවැනියට කිව් කට්ටියයි. හැබැයි, වෙනස තියෙන්නේ, තම නට්‍ය තුලින් ක්ලියොන් ට පහර ගැහැවුවා කියල ඇරිස්ටොෆනිස්ටවත්, සම්ප්‍රදාය ප්‍රතිවර්තනය කරන්න ගියා කියලා යුරිපිඩිස්ටවත් වාරණ – ඍජු හෝ වක්‍ර – නොපැනවිමයි.
පැහදිලිවම ශ්‍රිලාංකික ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ සහ ඇතන්ස් ජනරජයේ වෙනස්කම් තිබෙන්න පුලුවන්ග ඒත්, කලාකරුවන් රාජ්‍යයේ අන්තයට බර යොදමින් කරලියට ඒම ලංකාවට නම් ඉතාම හොද ප්‍රවනතාවයකි. රංග භූමියක සිරි ගන්න ජන්ද වේදිකව උඩ වඩා හොද රංගනයක යෙදිමේ හැකියාව ඇත්තේ දෙශපාලකයන්ට නොව රංග ශිල්පීන්ට බව සිතෙයි. පසුගිය දිනෙක වෙදිකාවක් උඩ කතාකරන මෙන්ඩිස් සහ අන්තෝනිගෙන් දැක්ක ජනෝද්වේදි කතා විලාශය සහ හැගීම්බර බව දේශපාලනයේ කෙල පැමිණී සිරිපාල සිල්වා ඇමතිතැනගෙන්වත් දක්කේ නැති ගානයි. “කලාකරුවා සංවේදියි. ඇය/ඔහු සමාජය දෙස වෙනස් විදියකට බලයි” කියන ප්‍රස්තුතය ද නිතරම අසන්නට ලැබුනි. විටෙක, කලාකරුවා කියා ගන්න ඔහුම් එලෙස කියාගනියි. ඇතම් අවස්ථාවලදි එහෙම කිව්වේ විද්‍යුත් නලිකා වල වැඩසටහන් සම්බන්ධිකරණය කරන අයයි. මේක දුර්මතයක් පමණක්ම නෙවෙයි තමන්ගේ මහන්තත්තකම පුම්බගන්න “කලා” යැයි කියාගත් කතිකාව විසින් හාදගත් අනියමයක් ද වේ. ඒක ගැන වෙන වෙලාවක ලියන්නම්.